Friday, March 29, 2024

General line - 0115112241

දකුණේ ධීවරයෝ දැඩි රැකවල් මැද උතුරෙන් පිටවෙති (PHOTOS)

මාධව කුලසූරිය




නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් අනතුරුව පිට පළාත්වල සිට නයාරුවල මසුන් ඇල්ලීමට පැමිණි ධිවරයින් සිය ධීවර ආම්පන්න රැගෙන නැවත දකුණු පළාත් වෙත පිටත්වීම ඊයේ (16) සවස දැඩි පොලිස් ආරක්ෂක රැකවල් මැද සිදුකෙරුණා.

නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවරයින් පළවා හරින ලෙස පසුගියදා මුලතිව් ධීවරයින් විරෝධතා වැඩසටහන් පැවැත්වු අතරල අදාළ විරෝධතාවයන්ගෙන් අනතුරුව පසුගිය 13 වැනිදා නයාරු ප්‍රදේශයේ සංචාරක ධීවරයින් නැවති සිටි ධීවර වාඩි වෙතද කිසියම් පිරිසක් ගිනි තබා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ටි. රවිහරන් පැවසූවේ දකුණේ සිට නයාරු වෙත ධීවර ජනතාව පැමිණ ධීවර කටයුතු සිදුකිරීම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාවට අසාධාරණයක් සිදුව ඇති අතර, දකුණේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට විශාල ප්‍රදේශයක් පවතින බැවින් අදාළ සංචාරක ධීවරයින්ට ඇති වු ගැටළුව හමුවේ නයාරු ප්‍රදේශයේ නැවති සිටි ධීවරයින් ඉවත් කරන ලෙසට තමන් ඉල්ලා සිටි බවයි.

සංචාරක ධීවරයින් මුලතිව් ප්‍රදේශයේ මසුන් ඇල්ලීම හේතුවෙන් ගැටළු රැසක් උද්ගතව ඇති බැවින් අදාළ පිරිස් ඉවත් කිරීම සුදුසු වන බවද හෙතෙම සදහන් කළා. 

නයාරු ධීවර වාඩිවලට ගිනි තැබීමෙන් ධීවර වාඩි 8 ක් සහ බෝට්ටු 2 ක්  ගිනිගෙන විනාශ වි ඇති අතරල ධිවර වාඩිවල තිබු දැල් ආම්පන්න තොගයක්ද ගින්නට හුසව විනාශ වි ගියා. හලාවත, මීගමුව ආදි ප්‍රදේශවල සංචාරක ධීවරයින් පිරිසක් නයාරු ප්‍රදේශයේ ධීවර රැකියාව සිදුකිරීමට එරෙහිව, මුලතිව් ධීවර ජනතාව ඊට දැඩි විරෝධතාවයක් දැක්වූවා.