Thursday, April 18, 2024

General line - 0115112241

ලොව විශාලතම අතුරුපස පිසාව නුවර එළියෙදි එලි දක්වයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




නුවරඑලිය ග‍්‍රැන්ඞ් හෝටෙලයේ ප‍්‍රධාන සූපවේදීන් ඇතුලූ සේවක මංඩලය එක්ව ලොව විශාලතම අතුරුපස පිසාව නිපදවා තිබෙනවා.

මෙම ස්ට්‍රොබෙරි පීසාව සදහා ස්ට්‍රොබෙරි කිලෝග්‍රෑම් 200ක්  උපයෝගි කරගෙන තිබු අතර එම අතුරුපස පීසාව නිපදවීම සදහා උපයෝගි කරගත් අනෙකුත් අමුද්‍රව්‍ය සමග පීසාවෙ මුලූ බර කිලෝග්‍රෑම් 1400 ක බරකින් යුක්ත වනවා. මෙම පිසාව නිපදවූ සුපවේදීන් කියා සිටින්නේ මෙය පුද්ගලයින් 6000 කට අනුභව කර හැකි බවයි.

අතුරුපස පීසාවේ විශ්කභය අඞ් 25ක් හා උස අගල් 6 යුක්ත වනවා. නුවර එලිය ග‍්‍රැන්ඞ් හෝටලයේ ප‍්‍රධාන සූපවේදින් වන ප‍්‍රියන්ත වීරසිංහ සහ විරාජ් ජයරත්න ඇතුළු හෝටලයේ සේවකයන් 100 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙය නිර්මානය කර තිබෙනවා.

මෙම පීසාව එලිදැක්වීමෙ අවස්ථාවට සංචාරක මන්ඩලයේ සභාපති කාවන් රත්නායක, නුවර එලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාලාල් සහබාගි වි තිබෙනවා.

නුවර එලිය ග‍්‍රැන්ඞ් හෝටලයේ සාම්‍යයනධිකාරි රිසාන් රසීම්ගේ උපදේස් පරිදි මෙම පීසාව නිර්මාණය කර තිබෙනවා.

ශ‍්‍රි ලංකාවේ නුවර එලියේ පමනක් වැවෙන ස්ට්‍රොබෙරි වගාව ලොව පුරා ප‍්‍රචලිත කිරිමේ අරමුනෙන් හා නුවර එලිය ප‍්‍රදේශයේ ස්ට්‍රොබෙරි වගා කරුවන් දිරි ගැන්විමට මෙම පිසාව නිර්මාණය කිරිම තුලින් අවස්ථාව ලැබෙන බවයි නුවර එලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා කියා සිටියේ.

මෙම ස්ට්‍රොබෙරි පිසාවා අද (17) සිට පුර දින 10 දහයක් එම හෝටලයේ ප‍්‍රදර්ශනය කිරිමට කටයුතු කර ඇත. මිට පෙර මෙම හෝටලය මගින් මීට ප‍්‍රථම අර්තාපල් වලින් නිෂ්පාදනය කරන ලද ලොව විශාලතම කෙක් ගෙඩියද නිර්මාණය කරන ලදියි.