Thursday, April 25, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය ගැන "පෙන්ටගනය" කරුණු හෙළි කරයි : යුධමය වශයෙන් චීනය අමෙරිකාවට තර්ජනයක්

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනය දීර්ඝ කාලින සැලැස්මකට අනුව සිය යුධ ශක්තිය අනෙක් රටවල් කෙරෙහි විහිදුවාලීම සදහා විදේශ රටවල සිය හමුදා සංකීර්ණ ඉදිකිරිම හරහා සැලසුම් කරමින් සිටින බවට පෙන්ටගනය විසින් නිකුත් කල වාර්තාවක් හෙළිදරව් කරනවා. 

ඉකුත් වසරේ ජුලි මාසයේදී චීනය විසින් සිය නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි Djibouti හි සිය පළමු විදේශීය හමුදා සංකීර්ණය ස්ථාපිත කර බවත් ඉන් මාස කිහිපයකට පසුව මතභේදයට තුඩුදුන් ශ්‍රී ලංකාවේ පිහිටි හම්බන්තොට වරාය සිය පාලනයට නතු කර ගත් බවට පෙන්ටගන් වාර්තාව උපුටා දක්වමින් CNN පුවත් සේවය සදහන් කර සිටිනවා.

අමෙරිකාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කිරීම සදහා චීනය විසින් ගුවන් යානා රැගෙන යා හැකි නෞකා ඒකකයක් ස්ථාපිත කර ඒ සදහා ගුවන් නියමුවන් පුහුණුවීම් සිදුකරමින් පවතින බවද පෙන්ටගනය නිකුත් කරන ලද වාර්තාවේ සදහන් වනවා.

ගතවූ වසර තුනක කාලය තුල චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) මුහුදු කලාපිය දිගුදුර මෙහෙයුම් සම්බන්ධයෙන් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් ඒ හරහා උපක්‍රමශීලි මුහුදු කලාපයන් හි මෙහෙයුම් සිදුකරමින් අමෙරිකාව ප්‍රමුඛ රටවල් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව වැඩිදියුණු කර ගෙන ඇති බවට එම වාර්තාව කරුණු දක්වා සිටින්නේ.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ උපදෙස් මත සිදුකල විශ්ලේෂණයකට අනුව එළිදක්වා තිබෙන "චීන සමුහාණ්ඩුවේ හමුදාමය සහ ආරක්ෂක වර්ධනය" යන වාර්ෂික වාර්තාවේ මෙම කරුණු සදහන්ව තිබෙනවා.

එම වාර්තාව පෙන්වා දෙන්නේ චීන ගුවන් හමුදාව මේ වන විට න්‍යෂ්ටික හැකියාවෙන් යුත් දිගු දුර මෙහෙයුම් සදහා කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා නවතා තිබු න්‍යෂ්ටික වැඩපිලිවල යලි ආරම්භ කර ඇති බවයි.

මෙම වැඩපිලිවල යටතේ චීනයට ගොඩබිමෙන්, මුහුදෙන් පමණක් නොව ගුවනින් පවා සිය න්‍යෂ්ටික හැකියාවන් වර්ධනය කර ගනිමින් සිටින බව එම වාර්තාව වැඩිදුරටත් කරුණු සදහන් කර සිටිනවා.

චීන ජනාධිපති ෂි ජින්පින්ග් විසින් කිසිදු රහස්‍ය භාවයකින් තොරව සිය හමුදා බළකායන් සහ යුධ ශක්තිය නවීකරණය කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙතෙක් චීන හමුදාව පෙර නොවූ ආකාරයේ නවීකරණයකට ලක් වෙමින් පවතින බවත් ඒ හරහා ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීමේ හැකියාවන් වර්ධනය කර ගනිමින් සිටින බවද එම වාර්තාවේ සදහන් කරනවා. 

චීනය විසින් ඉදිරි 10 වසරක කාලය තුලදී සිය න්‍යෂ්ටික හැකියාවන් වර්ධනය කර ගනිමින් දිගු කාලින උපාය මාර්ගික යුධමය හැකියාවක් වර්ධනය කරගනු ඇති බවයි පෙන්ටගනය නිගමනය කරන්නේ.