Friday, March 29, 2024

General line - 0115112241

මුලතිව්වලට කොරියාවෙන් මොන්ටිසෝරි




චයිල්ෆන්ඞ් ශ‍්‍රී ලංකා ආයතනය මගින් මුලතිව්හිදී පසුගිය 14 සහ 15 දෙදින තුළ මුල් ළමා විය ප‍්‍රවර්ධන මධ්‍යස්ථාන විවෘත කෙරුණා. ChildFund Korea ආයතනයේ 70 වන වර්ෂ පූර්ණ සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. එමෙන්ම  මුලතිව්හිදී කි‍්‍ර‍යාත්මක කරන මුල් ළමාවිය අධ්‍යාපනය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග‍්‍රහය ලබා දෙනු ලබන්නේ ChildFund Korea ආයතනය විසිනිි.

මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ආබාධිත දරුවන්ද ඇතුළුව ළමුන් සඳහා ගුණාත්මක මෙන්ම පරිපූර්ණ ECD අධ්‍යාපනය ලබා දීම ප‍්‍රවර්ධනය කිරීමයි. මෙමගින් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිටින වයස අවු. 3 සහ 5 අතර ළමුන් සඳහා මුල් ළමා විය කටයුතු පෝෂණය කොට ඔවුන් පාසැල් යැවීමට පෙර සූදානම් කිරීම සිදු වේ. එමෙන්ම, දෙමාපියන් සහ රැක බලාගන්නන් හට මනා පෝෂණය පිළිබඳව දැනුම්වත් කිරීම මෙන්ම ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන්ද  ඇතුළත්.  මෙම ව්‍යාපෘතිය මගින් ECD අධ්‍යාපනයේ වැදගත්කම පිලිබඳව දෙමාපියන් දැනුම්වත් කරන අතර ECD මධ්‍යස්ථානවල දියුණුව කෙරෙහි ඔවුන්ගේ දායකත්වයට වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

පශ්චාත් යුධ සමාජය තුළ ඇති විය හැකි මානසික ගැටලූ පිලිබඳව අවධානය යොමු කර ළමුන් හා දෙමාපියන් සඳහා මනෝ සමාජය උපදේශන අංශයක්ද මෙම ව්‍යාපෘතියට ඇතුලත් කොට ඇත. එමෙන්ම මානසික දුර්වලතා සහිත සහ ආබාධිත ළමුන් හඳුනාගැනීම වෙනුවෙන් ගුරුවරුන් හට පුහුණුවක් ලබා දීමටද කටයුතු කර ඇත.

ECD මධ්‍යස්ථාන දිරිගැන්වීම සහ ගුණාත්මක භාවයෙන් යුත් ECD මධ්‍යස්ථාන ලබාගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා Child Fund Sri Lanka ආයතනය ChildFund Korea ආයතනයේ ආයතනයේ මූල්‍ය අනුග‍්‍රහයෙන් නව ECD මධ්‍යස්ථාන 2 ඉදිකරන අතර දැනටමත් පවතින ECD මධ්‍යස්ථානවල එක් ප‍්‍රධාන අලූත්වැඩියාවක් සහ කුඩා පරිමාණයේ අලූත්වැඩියාවන් දහයක් සිදු කෙරේ.