Thursday, April 25, 2024

General line - 0115112241

රාජා දීර්ඝ ගමන අතරතුර වෙහෙස නිවා ගත් හැටි (PHOTOS) (UPDATE)

සමන් විජය බණ්ඩාර




සියලු ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී සිටින නැඳුන්ගමුවේ රාජා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම වීම සඳහා යන ගමන අතරතුර ඊයේ (19) හිඟුල, මාවෙල මල්වතු විහාරයයේදී ගමන් වෙහෙස නිවා ගත්තා.

පසුව යළිත් ඊයේ පස්වරු 5.30ට ගමන් ආරම්භ කළ අතර රාජා 21 වැනි දින සිට පෙරහැරේ කරඩුව වැඩම වීමට නියමිතව සිටිනවා.

----------------------------------

කිසිදිනෙක වාහනවල නොයන  නැඳුන්ගමුවේ රාජා අද මහනුවරට ළඟා වෙයි (PHOTOS) 

(19-08-2018 10:05)

 

නැඳුන්ගමුවේ රාජා ඇතා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම කරවීම සඳහා අද (19) මහනුවර බලා පිටත් වීමට නියමිතයි. ඒ හිඟුල, මාවෙල මල්වතු විහාරයේ සිටයි. ගමන් ආරම්භ කිරිම අද පස්වරු 4.00 පමණ සිදු කිරිමට සූදානම් කර තිබෙනවා.

රාජා ඇතා පිටත්ව යෑමට පෙර මාවෙල මල්වතු විහාරස්ථානයේදී ස්නානය කොට පිරිසිදු වී විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිවරුන් සහ ප‍්‍රාදේශවාසීන් විසින් ලබාදෙන ප‍්‍රනීත පළතුරු අනුභව කර පසුව විහාරාධිපති උනන්තැන්නේ රතනසාර හිමියන්ගේ සහ සෙසු මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ මහනුවර බලා ගමන් ආරම්භ කරනු ඇති.

පසුගිය 14 වැනි දින මහනුවර බලා යෑමට ගම්පහ නැඳුන්ගමුව හර්ෂවිජය වෙද රාළහාමිගේ නිවසින් පිටත් වු රාජා මෙවර දළදා කරඩුව වැඩම කරවන්නේ 12 වැනි වරටයි.

අඛණ්ඩව වසර 11 ක් මාලිගාවේ පෙරහැර කරඬුව වැඩම වු නැඳුන්ගමුවේ රාජා ඈතා පසුගිය වසරේ  ඇති වු අසනීප තත්ත්වයක් මත කරඬුව වැඩම කරවීමට  නොහැකි වුණා. නමුත් මෙවර හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන රාජා කරඬුව වැඩම කරවීම සඳහා සූදානමින් පසුවනවා.

දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහනවල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප‍්‍රදේශවල පෙරහැරවල් සඳහා ගමන් කරන්නේද මෙලෙසයි.

වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන බවයි වාර්තා වෙන්නේ.

මහනුවර බලා පිටත්ව යන රාජා මහනුවර පෙරහැර අද (19) දිනයේ අවසන් වෙනවාත් සමගම මහනුවරට ළගා වෙන අතර 21 වැනි දින සිට පෙරහැරේ කරඩුව වැඩම විමට නියමිතව සිටිනවා.