Thursday, April 25, 2024

General line - 0115112241

මන්ත‍්‍රී බන්දුලගෙන් ඇමති මහින්දට අභියෝගයක්

ලහිරු කපුගේ




ආර්ථික විද්‍යාව පිළිබඳ ප‍්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහට අද (19) අභියෝගයක් කළා. ඒ, සිංගප්පුරු - ශ‍්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා දැක්වූ අදහස් පිළිබඳ අමාත්‍යවරයා ඉකුත්දා කළ ප‍්‍රකාශට ප‍්‍රතිචාර දක්වමින්. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිංගප්පූරු ගිවිසුම ක‍්‍රියාත්මක වන්නේ නම් මේ වසර තුළ අනිවාරයෙන්ම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්මවනු ඇති බවයි.