Saturday, April 20, 2024

General line - 0115112241

විශ්ව විද්‍යාල සිසුන්ට යළි නායකත්ව පුහුණුව ලබාදීමේ සූදානමක්

ලහිරු කපුගේ




විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට නායකත්ව පුහුණුව ලබා දීමේ වැඩසටහන යළි ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ, පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කළ ඉල්ලීම ද සැලකිල්ලට ගනිමින්. පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ එම වැඩසටහන නතර කිරීමට වත්මන් ආණ්ඩුව ගත් තීරණය විශ්ව විද්‍යාල සිසුන්ට කළ අසාධාරණයක් බවයි.

උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ නායකත්ව පුහුණු වැඩසටහන පිළිබඳ අධ්‍යයනයක් සිදු කරන බවයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට ප‍්‍රතිචාර දක්වමින්.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා නවකවධය සම්බන්යෙන් පළ කළේ මෙවන් අදහසක්.