Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දුනිසියාවේ යලිත් ප්‍රභල භුකම්පනයක්

දිනුක් හේවාවිතාරණ




මිට සුළු මොහොතකට පෙර ඉන්දුනිසියාවේ නැගෙනහිර ලොම්බොක් හී  මැග්නිටියුඩ් ඒකක 6.9ක ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව තිබෙනවා. ඇමෙරිකානු භුවිද්‍යා කාර්යාංශය සදහන් කරන්නේ මෙම භුමිකම්පාව ගොඩබිමක සිදුවි ඇති බවයි.

මෙම භුකම්පනය හේතුවෙන් සුනාමි අනතුරක් ඇතිවේද යන්න ගැන මෙතෙක් නිළ වශයෙන් එරට බළධාරින් දැනුම් දිමක් සිදුකර නැහැ.

කෙසේ නමුත් ඉකුත් ජුලී 29 වෙනිදා සිට මේ දක්වා ඉන්දුනිසියාවේ ලොම්බොක් දුපත සිදුවු ඒකක 6.9ක ප්‍රබල භුකම්පනයෙන් පසු මේ දක්වා භුකම්පන 100කට අධික සංඛ්‍යාවක් සිදුව තිබෙන බවයි අමෙරිකානු භුවිද්‍යා කාර්යාංශය සදහන් කරන්නේ.