Saturday, April 20, 2024

General line - 0115112241

කබඩි කෙල්ලන් සත්කාරක ඉන්දුනීසියාව පරදවයි (VIDEO)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




පදක්කම් බලාපොරොත්තුවක් දල්වා සිටින ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ආසියානු කී‍්‍රඩා උළලේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට අද (20) උදෑසන සමත් වුණා. 

ඒ සත්කාරක ඉන්දුනීසියාව ලකුණු 34 ට 17ක් ලෙස පරාජය කරමින්. 

මෙම තරගය පැවැත්වුණේ A කාණ්ඩය යටතේයි.

නිත්‍ය නායිකා මදුෂානි චතුරිකා පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයට නායකත්වය ලබා දුන්නේ නිමාෂි කෝකිලායි. 

කාන්තා කබඩි ඉසව්වේ ශී‍්‍ර ලංකාව සහභාගී වන මීළග තරගය ජපානයට එරෙහිව අද පස්වරුවේ පැවැත්වෙනවා.