Friday, March 29, 2024

General line - 0115112241

වෙනිසියුලානු සංක‍්‍රමණික අර්බුධය උග‍්‍ර වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිය දේශ සීමාව ආසන්නයට අතිරේක හමුදා සහ පොලිස් බල ඇණි යෙදවීමට බ‍්‍රසීලය තීරණය කර තිබෙනවා. ඒ, වෙනිසියුලානු සංක‍්‍රමණිකයින් හේතුවෙන් මතුව ඇති නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනිසියුලානු වැසියන් දහස් ගණනින් මේ වනවිට සිය රට අතහැරයමින් සිටිනවා. ඔවුන් සිට රටට ඇතුළු වීම පාලනය කිරීමටයි බ‍්‍රසීලය මෙම පියවර ගෙන ඇත්තේ. වෙනිසියුලානු සංක‍්‍රමණිකයින් බොහෝ පිරිසක් ඉක්වදෝරයට සහ කොලොම්බියාවට පලා යමින් ඇති බවද විදෙස් මාධ්‍ය පැවසුවා.