Friday, March 29, 2024

General line - 0115112241

"බුදුන්ගේ රස්තියාදුව" කෘතියට එරෙහිව නීතිමය පියවර ගන්න : ඇමතිවරයා පොලිස්පතිට දන්වයි

දිනුක් හේවාවිතාරණ




බුදුන් වහන්සේට හා බුදු දහමට නිගා දෙන අයුරින් ලියා පළකර තිබෙන බුදුන්ගේ රස්තියාදුව නම් කෘතිය සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නා ලෙස මෙන් දන්වා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර ගෙන් අද (20) ලිඛිතව ඉල්ලා තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ එම කෘතිය අන්තර්ගතය තුල ඉතා පහත් සහ නිහින ලෙස බුදුන් වහන්සේට නින්දා සහ අපහාස කර ඇති බවයි. එමගින් සමස්ත බුදු දහම නිගාවට ලක් කර ඇති බවත් ශ්‍රී ලාංකීය මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා මෙම කෘතිය හේතුවෙන් මහත් පිඩාවට සහ චිත්ත කම්පාවට පත්ව සිටින බවයි.

මේ හේතුවෙන එම කෘතියේ කතෘ, ප්‍රකාශකයන්, බෙදාහරින්නන් සහ අලෙවි කරන්නන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 A, 291 A සහ 291 B වගන්ති යටතේ සාපරාධි ක්‍රියාවක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා පොලිස්පතිවරයාට යැවු ලිපියේ සඳහන්ව ඇත.