Friday, April 19, 2024

General line - 0115112241

කතෝලික පුජකවරුන් සිදුකළ ළමා අතවරයන් ගැන පාප්වහන්සේ ගෙන් ලිපියක් : කිසිවෙකුත් ආරක්ෂා කරන්නේ නැහැ

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රටවල් කිහිපයකින් කතෝලික පුජකවරුන්ට එල්ලවූ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද ලිපියක් මගින් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා. 

ලොව පුරා සිටින බිලියන 1.4 ක් වූ කතෝලිකයින් වෙත යොමු කළ එම ලිපියේ සටහන්ව ඇත්තේ ඇතිවී තිබෙන තත්ත්වය සහ චෝදනා සම්බන්ධයෙන් තමන්වහන්සේ කිසිදු විටක කිසිවෙකු බේරා ගැනීමට කටයුතු නොකරන අතරම මෙය " සංස්කෘතිය ඝාතනය කිරීමක්" ලෙසයි.

ඇතිවී තිබෙන තත්ත්වයට සියලු දෙනාට මුහුණ දෙන ලෙසත් කිසිදු විටක මෙමගින් දේව සභාව බිඳ වැටීමකට ලක් නොකරන මෙන තමන් දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ශුද්ධෝත්තම පාප්වහන්සේ සිය ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

බාල වයස්කාර දරුවන්ට කතෝලික පුජකවරුන්ගෙන් එල්ලවූ බව කියන ලිංගික අපයෝජනයන් සම්බන්ධයෙන් අමෙරිකාව, චිලි, ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය වැනි රටවලින් චෝදනා එල්ල වුවා. සිදුකළ සමීක්ෂණ මගින් පෙන්නුම් කරන්නේ මේ හේතුවෙන් එම රටවල ජනතාව තුල කතෝලික දේවස්ථාන පිළිබඳව මේ වන විට ඇති විශ්වාසය බිඳ වැටීමකට ලක්ව ඇති බවයි.

ලිංගික චෝදනා එල්ලවීමත් සමග පාප්වහන්සේ කතෝලික බැතිමතුන් සහ කතෝලික සභාව ආමන්ත්‍රණය කරමින් ලියු පළමු ලිපිය ලෙස මෙය සැලකෙනවා. 

" ඇතිවී තිබෙන තුවාලය කිසිවිටකත් සුවපත් නොවන බවත් මෙම කුරිරුකම් හෙලා දකින බව සිය ලිපියේ සදහන් කර ඇති උන්වහන්සේ සංස්කෘතිය උදුරා දමමින් ඇතිවූ සංස්කෘතික ඝාතනය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවද" සඳහන් කර තිබෙනවා.

බලය අනිසි ලෙස භාවිතා කරමින් පුජකවරුන් විසින් කුඩා දරුවන්ට සිදුකරනු ලැබූ අපයෝජනයන් ඉතා අවාසනාවන්ත සිදුවීම්  ලෙසට තමන් සලකන බවත් මේ හේතුවෙන් බොහෝ දෙනෙක් පිඩාවට ලක්ව ඇති බවත් කුඩා දරුවන් සම්බන්ධයෙන් අප කිසිදු සැලකිල්ලක් නොදැක්වූවා මෙන්ම අප ඔවුන් අතරමන් කළා යැයි ශුද්ධෝත්තම පාප්වහන්සේ සිය ලිපියේ දක්වා තිබෙනවා.

අමෙරිකාවේ පෙන්සෙල්වෙනියා හි ජූරියක් විසින් ඉකුත් දා කතෝලික පුජකවරුන් ගෙන් කුඩා දරුවන්ට සිදුවූ බව කියන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් වාර්තාවක් එලි දැක්වූවා. එම වාර්තාවට අනුව හෙළිවී තිබුනේ ඉකුත් වසර 70 තුලදී කතෝලික පුජකවරුන් 301 දෙනෙක් විසින් කුඩා දරුවන්ට ලිංගික අතවර සිදුකර ඇති බවයි.