Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා පළමු ඉනිම 117කට සීමා කෙරේ




වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 117කට සීමා වුණා.

ඉනිම ආරම්භයේ සිටම ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගෙන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල වූයේ දැඩි අභියෝගයක්.

මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් ධනංජය ද සිල්වා ලකුණු 24ක් ලබාගත්තා. කුසල් පෙරේරා ලකුණු 20යි. මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් අනෙක් ක‍්‍රීඩකයා වන ලහිරු සඳකැන් නොදැවී ලකුණු 19ක් ලබාගත්තා.

වෙනත් කිසිදු ක‍්‍රීඩකයෙකු ලකුණු 15කට වඩා වැඩියෙන් ලබාගැනීමට සමත්වූයේ නැහැ. නේතන් ලියොන් සහ ජෝෂ් හෙසල්වුඩ් කඩුලු 3 බැගින් දවාගත්තා.

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක‍්‍රීඩාංගණයේදීයි.