Thursday, April 25, 2024

General line - 0115112241

හම්බන්තොට ගැන පෙන්ටගන වාර්තාවට චීනයෙන් පිළිතුරු

හේමන්ත කහවලගේ




චීනය විදෙස් රටවල් වෙතද සිය යුද ශක්තිය පතුරුවා හරිමින් සිටින බවට අමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනය ඉකුත්දා නිකුත් කළ වාර්තාවට චීනය අද ප‍්‍රතිචාර දැක්වූවා. ශ‍්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ආන්දෝලනාත්මක ලෙස අත්පත් කර ගැනීම ද චීනයේ උපක‍්‍රමික සැලැස්මක් විය හැකි බවයි අදාළ පෙන්ටගන වාර්තාවේ දැක්වුණේ.

කෙසේ වෙතත් මෙම වාර්තාව ප‍්‍රතික්ෂේප කරන බව ඊට ප‍්‍රතිචාර දක්වමින් චීනය අද (20) කියා සිටියා. චීනය සෑම විටම තෝරාගනු ලබන්නේ සාමකාමී සංවර්ධන මාවතක් බවද ලෝක සාමය ආරාක්ෂා කිරීමට චීනය සෑමවිටම කැපවී සිටින බවද මෙහිදී අවධාරණය කෙරුණා.

ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩතාව රැක ගැනීම  ඕනෑම රටකට ඇති නීත්‍යානුකූල අයිතියක් බවයි චීනය වැඩිදුරටත් සිහිපත් කරන්නේ. ඒ අනුව චීනය සතු එම අයිතීන්ට ගරු කරන ලෙසද සීතල යුද මානසිකත්වයකින් මෙවැනි වගකීම් විරහිත වාර්තා ඉදිරිපත් නොකරන ලෙස ද චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා.