Saturday, April 20, 2024

General line - 0115112241

මගී නැවෙන් මුහුදට වැටුනු කාන්තාවක් පැය 10කට පසු බේරා ගැනේ: ජීවතේ බේරා ගන්න කළ පුදුම දෙයක් ගැන මාධ්‍යට හෙළි කරයි

දිනුක් හේවාවිතාරණ




මගී නෞකාවකින් මුහුදට වැටුනු කාන්තාවක් පැය 10කට පසුව බේරා ගැනිමේ පුවතක් ඇඩ්‍රියාටික් මුහුදු කළාපයෙන් වාර්තා වනවා. මෙම කාන්තාව බේරා ගැනිමට සමත්ව ඇත්තේ ක්‍රෝඒෂියා වෙරළ ආරක්ෂක නිළධාරින් පිරිසක් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

46 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක් වන මෙම කාන්තාව නොරේවිජියානු කෲස් යාත්‍රාවකින් (මගී නෞකාවක්) ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ මුහුදට ඇද වැටි තිබෙනවා.

ඇය මුහුදට වැටුනු බවට නෞකාවේ කිසිවෙකුත් දැක නැති අතර ඇය පුරා පැය 10ක පමණ කාලයක් මුහුදේ පාවෙමින් සිට තිබෙනවා. 

මුහුදේ පාවෙමින් සිටි එම කාන්තාව ක්‍රොඒෂියා වෙරළ ආරක්ෂක යාත්‍රාවක් මගින් බේරා ගෙන ඇති අතර ඒ වන විටත් ඇය ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුව සිටියා.

පසුව වෙරළ ආරක්ෂක බළධාරින් ඇයව ගොඩබිම කරා රැගෙනවිත් රෝහල් ගත කර අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවිම හේතුවෙන් ඇයව රෝහලෙන් නිදහස් කර තිබෙනවා.

පුරා පැය 10කට අධික කාලයක් මුහුදේ වැටි සිටියත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවිම ගැන මාධ්‍ය මගින් විමසා සිටියා.

ව්හිදි එම කාන්තාව කියා ඇත්තේ තමන් මුහුදට වැටිමෙන් අනතුරුව ශරිරයේ මාංශ පේශින් ලිහිල්ව තබා ගැනිම සදහා නිරන්තරයෙන් යෝගා ව්‍යායාම්වල යෙදුනු බවත් මානසිකව යහපත්ව සිටිමට හඩ නගා ගීත ගායනා කළ බවයි. කිසිදු විටක බියක් නොදැනුනු බවත් තමා බේරා ගනු ලැබු වෙරළාරක්ෂක බළකායේ නිළධාරින්ට තමන් ස්තුතිවන්ත වන බවට ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් මෙම කාන්තාව ගමන් ගත් නොර්විජියානු මගී නෞකාවේ නිළධාරින් සදහන් කරන්නේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව නැවෙන් මුහුදට පනින්නට ඇති බවයි.