Friday, March 29, 2024

General line - 0115112241

අද අලුයම බම්බලපිටියේ ඇති වූ ගින්න ගැන පරීක්ෂණ ඇරඹෙයි (VIDEO)(UPDATE)

හර්ෂිකා සංජීවනී




බම්බලපිටිය මංසන්ධියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක අද (21) අලුයම ගිනි ගැනීමක් සිදු වුණා.

එහි පහල මහලේ ඇත්තේ පාවහන් අලෙවිසැලක්.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 05ක් යොදවා තිබුණා.

ගින්න හේතුවෙන් බම්බලපිටිය ප‍්‍රදේශයේ දී ගාලූ පාරේ එක් මංතීරුවක වාහන ධාවනය අත්හිටුවීමටද කටයුතු කර තිබුණා. ගින්න ඇතිවීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර ගිනි ගැනීම් ඇතිවීම වැළැක්වීම සඳහා කොළඹ නගර සීමාව තුළ පිහිටි ගොඩනැගිලිවලට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින්.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවාරණ අංශයේ ප‍්‍රාදේශීය නිලධාරී එච්. ඩබ්ලිව්. විමල් එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

ගොඩනැගිලිවල දැනටමත් තිබෙන ගිනි නිවීම් උපකරණ විධිමත්ව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

මහල් 06කට වැඩි ගොඩගැගිලිවල මධ්‍යම ගෑස් පද්ධතියක් පවත්වාගෙන යාමද නිර්දේශ කර තිබෙනවා. එසේ නොමැතිව එවැනි ගොඩනැගිලිවල ගෑස් සිලින්ඩර භාවිතය අනතුරුදායක බවයි පෙන්වා දී ඇත්තේ.

කිසියම් ගොඩනැගිල්ලක ඇතුල්වීම සඳහා ආරක්ෂක කාඞ්පත් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන්නේ නම් අදාළ දොරටු ගිනි ගැනීමක් අවස්ථාවකදී ස්වයංක‍්‍රීයව විවෘත වන පරිදි පද්ධතිය සකස් විය යුතු බවද නිර්දේශ කර තිබෙනවා. 

(අදාළ ගොඩනැගිල්ල ගිනි ගන්නා අවස්ථාවේ වීඩියෝවක් පහතින් දැක්වෙයි)
 

---------------------------------

බම්බලපිටියේ ගොඩනැගිල්ලක ගින්නක් (PHOTOS)

(21-08-2018 05:29)

 

බම්බලපිටිය මංසන්දියේ පිහිටා ඇති ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.

පාවහන් අලෙවි සැළක් සහිත ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.