Thursday, April 25, 2024

General line - 0115112241

අබේසිංහ සොහොයුරන්ගේ බලාපොරොත්තු සුන් (UPDATE)

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ආසියානු කී‍්‍රඩා උළලේ අද (21) උදෑසන පැවති තරග ඉසව්වලින් සාර්ථක වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හැකි වූයේ නැහැ. 

මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වට එක් වූ මැතිව් අබේසිංහට හිමි වූයේ මූලික වටයේදී 05 වැනි ස්ථානයයි. තරග නිමි කාලය තත්පර 22.8.8ක් ලෙස සටහන් වුණා. 

මැතිව් අබේසිංහගේ සොහොයුරා වන කයිල් අබේසිංහ මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට අද එක් වූ අතර ඔහුට හිමි වූයේ 08 වැනි ස්ථානයයි. ඔහුගේ තරග නිමි කාලය තත්පර 23.3.6ක් ලෙස සටහන් වුණා. 

මීටර් 50 නිදහස් පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා කී‍්‍රඩකයින් 51 දෙනෙකු සහභාගි වූ අතර මැතිව් අබේසිංහට කාල ගණනය අනුව හිමි වූයේ 12 වන ස්ථානයයි. කයිල් අබේසිංහට 21 වන ස්ථානය හිමි වුණා.

-------------------------------

ශි‍්‍ර ලංකා - ඉන්දියා කාන්තා කබඩි ගැටුම අද - අබේසිංහ සොයුරනුත් තරග බිමේ

(21-08-2018 06:09)

 

මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ පදක්කම් බලාපොරොත්තු දල්වා සිටින ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය අද (21) උදෑසන පැවැත්වෙනවා. 

ඒ ප‍්‍රබල ඉන්දීය කාන්තා කබඩි කණ්ඩායමට එරෙහිවයි. 

තිලංක පලගසිංහ සහභාගි වන බර ඉසිලීමේ ඉසව්වද අද පැවැත්වෙනවා. ඔහු තරග වදින්නේ කිලෝග‍්‍රෑම් 62ක බර පන්තියෙන්.

කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ ඉසව්වට එක්වන චමරි වර්ණකුලසූරියද අද තරග වදිනවා. 

මැතිව් අබේසිංහ සහ කයිල් අබේසිංහ සහභාගි වන මීටර් 50 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගද අද උදෑසන පැවැත්වෙන්නේ ජකාර්තා නුවර ප‍්‍රධාන පිහිනුම් තටාකයේදියි.  

ටයිකොන්ඩො ඉසව් සඳහා රුයිනි වික‍්‍රමසිංහ සහ දිල්කා ප‍්‍රනාන්දු සහභාගි වනවා.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ අද පැවැත්වෙන තරග පහතින් දැක්වෙයි


Weight Lifting

1.00pm Men’s 62kg – Thiwanka Palagasinghe

4.00pm Women’s 54KG – Chamari Warnakulasuriya

Swimming

7.45am -  Men’s 50m free style –Mathew Abeysinghe

7.47am - Men’s 50m free style – Kyle Abeysinghe

Kabaddi

7.30am -  Sri Lanka women  vs India women

1.30pm – Sri Lanka Men vs Bangladesh Men

Archery

12.50pm :- Recurve Men’s Individual –Sajeeva de Silva

Taekwondo

9.00am - Women’s 67Kg round of 16  -Ranuri Wickramasinghe

8.30am -  Men’s 80Kg round of 16 – Dilka Fernando