Wednesday, April 17, 2024

General line - 0115112241

පුටු මිලදී ගැනීමේ යෝජනාව ගැන යළිත් සංවාදයක්



බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාව සඳහා මිලදී ගැනීමට නියමිතව තිබූ පුටු පිළිබඳව නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ඊයේ (20) නැවත සංවාද කෙරුණා.

මෙම ගනුදෙනුව මුලින් තමන් ද අනුමැතිය ලබාදුන් බවට කෙරෙන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ. 

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර ද මෙම සංවාදයට එක්වුණා. 

ප‍්‍රශ්ණගත ගනුදෙනුවේදී මිලදී ගැනීම සිදු කිරීමට නියමිතව තිබුණේ පුටුවක් රුපියල් හය ලක්ෂ 40,000කටයි. ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත‍්‍රීවරයා කළ පැමිණිල්ලකින් පසු බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර විසින් ගනුදෙනුව තාවකාලිකව අත්හිටවූවා. ඊයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ ඒ පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි. 

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.