Thursday, April 18, 2024

General line - 0115112241

නව අගමැතිගේ පත්වීමත් සමග පාකිස්ථාන ක්‍රිකට් සභාපති ගෙදර යයි

දිනුක් හේවාවිතාරණ




හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යධුරයට පත්විමත් සමග පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජාම් සේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබෙනවා. ඒ 2013 වසරේ ඇතිවු සිදුවිමක් මුල්කර ගනිමින්.

2013 වසරේ පැවති මහ මැතිවරණයේදි පන්ජාබ් ප්‍රාන්තයේ අන්තර් පාලකවරයා වශයෙන් කටයුතු කරනු ලැබු නජාම් සේදීට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය විසින් මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනු ලැබුවා. ඒ මැතිවරණයේදි හිටපු අගමැති නවාස් ෂෙරිෆ් හට උපකාර කල බව පවසමින්.

මාධ්‍යවේදියෙක් වශයෙන්ද කටයුතු කරනු ලබන හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා ඉම්රාන් ඛාන්ට එරෙහිව පලකරනු ලැබු පුවත්පත් ලිපි සම්බන්ධයෙන්ද අගමැතිවරයාගේ ආධාරකරුවන්ගේ දැඩි දෝෂදර්ශණයට ලක්වු අයෙක් ලෙසද සැලකෙනවා.

"මාගේ ඉල්ලා අස්විමේ ලිපිය භාර දිම සදහා නව අගමැතිවරයා දිවුරුම්දෙන තෙක් මා බලා සිටියා. මාගේ කාර්ය මෙතනින් අවසානයී" යනුවෙන් නජාම් සේදී සිය ඉල්ලා අස්විමේ ලිපිය සමග ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

නජාම් සේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේදී පාකිස්ථාන කණ්ඩායම අයිසිසි ක්‍රිකට් ශුරයීන්ගේ කුසලානය ජයග්‍රහණය කිරිමටත් විස්සයි 20 ශ්‍රේණිගත කිරිම් හි පළමු ස්ථානයටත් පැමිණිමටත් හැකිවුනා.