Thursday, April 25, 2024

General line - 0115112241

වඩිනාගල ඉතිහාසය මකයි (PHOTOS)

දිනසේන රතුගමගේ




වව්නියාව නෙඩුන්කේනි ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් ආක්‍රමණය කර කෝවිලක් ඉදි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

මීට දින කිහිපයකට පමණ ඉහතදී මෙම ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර කෝවිල ඉදිකිරීම සිදු කළ පිරිස සඳහන් කර ඇත්තේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් ස්ථානයක් බැවින් නිධානය බේරා ගැනීමට කෝවිලක් ඉදිකරණ බවයි.

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මෙම ස්ථානය බෞද්ධ නටඹුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හදුනාගෙන තිබෙනවා.

යුද්ධය නිසා එම පළාත්වලට පසුගිය කාලයේදී නිලධාරීන් නොයෑම නිසා එම බෞද්ධ නටඹුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනත් ආගම්වල අයිතියට පත්ව ඇති බවත් වාර්තා වෙනවා.

නෙඩුන්කේනි ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල බෞද්ධ නටඹුන් සහිත ස්ථානයට වර්තමානයේදී සිදුවෙමින් පවතින එම තත්ත්වය පහත ඡායාරූපවලින් දැක්වෙයි.