Thursday, April 25, 2024

General line - 0115112241

පොලිස් පරීක්ෂක සහ කොස්තාපල්වරු දෙන්නෙක් කොටු




අද (21) අලුයම පානදුර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අද අලුයම 5.45ට පමණ කළුතර ප්‍රදේශයේදීයි.

ඒ කොල්ලකෑමක් සම්බන්ධයෙන්. මේ වන විට සැකකරුවන්ව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ පිහිටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.