Thursday, April 25, 2024

General line - 0115112241

දුම්වැටි අලෙවි නොකරන දිවයින පුරා ඇති නගර මෙන්න




රජයේ ප්‍රතිපත්තියට අනුව දුම්වැටි අලෙවි නොකරන නගර සහ කලාප 107 ක් දිවයින පුරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දුම්වැටිවල බදු ප්‍රතිශතය සියයට 90 දක්වා ඉහළ නැංවීම, දුම්වැටි අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම, පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරිම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් පසුගිය වසර 03 තුළ ගෙන ආවා. 

ඒ අනුව එම වැඩපිළිවෙලට සමගාමීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුවක් කිරීමේ වැඩපිළිවෙලක් දීප ව්‍යාප්තව දියත් කළා. එහිදී  නගර රැසක දුම්වැටි අලෙවි නොකිරීමට වෙළෙද ව්‍යාපාරිකයින් පියවර ගෙන තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ නගර 22 ක්, මාතර දිස්ත්‍රික්කයේ නගර 17 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 16 ක් ඇතුලු සමස්ත දිවයින පුරාම නගර 107 ක දුම්වැටි අලෙවි කිරිම මේ වන විට නවතා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබදව අදහස් දක්වන සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන්නේ දුම්වැටි භාවිතය අවම කිරිම සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන ලද සහයෝගය අගය කරන බවයි.

බෝ නොවන රෝග පාලනය කිරීමේ දී දුම්කොළ භාවිතය අවම කළ යුතු වනවා. 2019 වසර වන විට දුම්වැටි අලෙවි නොකරන නගර සංඛ්‍යාව 200 ඉක්මවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු පළ කළා.

දුම්වැටි අලෙවි නොකරන නගර පිළිබඳ විස්තර පහතින් දැක්වෙයි.