Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ගැන ගත් තීරණය 12න් පසු ක්‍රියාත්මක වේ

හේමන්ත කහවලගේ




ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 16 දෙනාට ලබාදී තිබූ ඇමති ආරක්ෂාව ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (21) දහවල් 12.00 සිට ඔවුන්ගේ ඇමති ආරක්ෂාව ඉවත් කෙරෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කැබිනට් අමාත්‍යවරයෙකුට ආරක්ෂක නිලධාරීන් 07 දෙනෙකු ද, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට ආරක්ෂක නිලධාරීන් 04 දෙනෙකු බැගින් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුගේ ද ආරක්ෂාව හිමි වනවා.

ඒ අනුව අද දහවල් 12.00 සිට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත‍්‍රීවරුන් 16 දෙනාටම හිමි වන්නේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.