Saturday, April 20, 2024

General line - 0115112241

කාන්තා කබඩි පදක්කම් බලාපොරොත්තු ඈතට යයි- ආබාධයකට ලක් වූ නායිකාව කී‍්‍රඩා උළෙලට එක්කිරීම ගැන ලේකම්ට ප‍්‍රශ්නයක්

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




කාන්තා කබඩි ඉසව්ව පිළිබද ශී‍්‍ර ලංකාව තැබූ පදක්කම් බලාපොරොත්තු තවත් ඈතට ගොස් තිබෙනවා. එ් ප‍්‍රබල ඉන්දීය කාන්තා කබඩි කණ්ඩායම හමුවේ ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම ලද පරාජයත් සමගයි. ඉන්දීය කබඩි කී‍්‍රඩිකාවන් මෙම තරගය ජයගත්තේ ලකුණු 38 ට 12ක් ලෙසයි. ශී‍්‍ර ලංකා කබඩි කී‍්‍රඩිකාවන් මූලික වටයේ සහභාගි වූ තරග 4න් ජය ගත්තේ තරග 2ක් පමණයි.

ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම කාන්තා කබඩි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවාද නැද්ද යන්න තීරණය වන්නේ සෙසු කණ්ඩායම්වල ප‍්‍රතිඵ අනුවයි.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ නිමාෂි කෝකිලායි. නිත්‍ය නායිකා මධුෂානි චතුරිකා ආබාධයකට ලක්වීම හේතුවෙන් ඇය මෙම තරගයටද සහභාගි වූයේ නැහැ. ශී‍්‍ර ලංකාවේදී ඇය මෙලෙස ආබාධයට ලක් වූ අතර එවැනි තත්වයක් මතුව තිබියදී ඇය ආසියානු කී‍්‍රඩා උළෙලට එක්කර ගැනීම පිළිබදව ජකාර්තා නුවර පැමිණි සිටින කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම්වරයා කබඩි නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා. ආබාධය සහිතව ඇය ශී‍්‍ර ලංකාව පරාජය වූ තායිලන්ත තරගයට එක්කර ගැනීමට තීරණය කළේ මන්දැයි මෙහිදී ප‍්‍රශ්න කර තිබෙනවා