Thursday, March 28, 2024

General line - 0115112241

පෞද්ගලික රෝහල් ගාස්තු නියාමන කටයුත්ත කඩිනම් වෙයි




පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී පැවැති ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමකදීයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් ගාස්තු කඩිනමින් ගැසට් කිරීමට නියමිතයි. පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේ දී අයකරන වැට් බදු ඉවත් කිරීමට ද මීට පෙර කටයුතු කෙරුණා.