Thursday, April 18, 2024

General line - 0115112241

කන්තලේ අල්ලසේ සැකකරුවන් යළි රිමාන්ඩ්




අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන සැප්තැම්බර් මස 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අද (21) නියෝග කළා. 

කන්තලේ සීනි සමාගමේ යන්ත්‍රෝපකරණ විකිණීමේ ක‍්‍රියාදාමය ඉටු කර දීම සඳහා රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබෙනවා. සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණයට අද ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක විසින් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ, සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බව පවසමින්.