Friday, March 29, 2024

General line - 0115112241

සරසවි සිසුන්ට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් - හිමිනමක් ඇතුළු 04ක් රෝහලේ (UPDATE)

ලහිරු කපුගේ




විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් කොළඹදී අද සිදු කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය අවස්ථා දෙකකදී ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා. 

අද (21) පස්වරුවේ කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලය අසලින් මෙම පාගමන ආරම්භ කළේ ලිප්ටන් වටරවුම අසලට පැමිණීමේ අරමුණින්. 

ඒ, අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ගැටලූ විසඳන ලෙසට බලකරමින්. එම විශ්ව විද්‍යාලයේ සිසුන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් මෙම විරෝධතා පා ගමනට එක්ව සිටියා. 

ඔවුන් ලිප්ටන් වටරවුම ආසන්නයට පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් මාර්ග බාධක යොදා තිබූ අතර ඒවා බිඳ සිසුන් ගමන් කිරීමට උත්සහ කළා. පොලීසිය පළමු කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරය එල්ල කළේ එම අවස්ථාවේදීයි.

පසුව සිසුන් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටීම හේතුවෙන් පොලීසිය යළිත් වරක් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. මෙම සිද්ධියේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ඇතුලූ සිසුන් තිදෙනෙකු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

..............................................................................

කඳුළු ගෑස් නොතැකූ සිසුන්ට යළිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් 

(21-08-2018 17:05)

 

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය යළිත් වරක් අධි පීඩන ජල ප‍්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මීට පෙරද සිසුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. සිසුන් නැවතත් එම ස්ථනයේ රැුඳී සිටිමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙනුයි පොලීසිය යළීත් වරක් ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත්තේ. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක්ද පවතින බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

-------------------------------------------

සරසවි සිසුන්ට කඳුළු ගෑස්

21-08-2018 16:34

කොළඹ වෝඞ් පෙදෙසට පැමිණෙමින් තිබූ විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ගේ මෙම විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ වෝඞ් පෙදෙස අද (21) පස්වරුවේ තාවකාලිකව වසා දැමුවා.