Friday, April 19, 2024

General line - 0115112241

ජනපති ජාතිය අමතද්දි මෝටාර් ප්‍රහාර

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය තාන්ත‍්‍රික ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර තලෙයිබාන් සටන්කාමීන් විසින් මෝටාර් ප‍්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබ තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජනාධිපති මන්දිරය ආසන්නයටද එක් මෝටාර් ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ජනාධිපති අෂ්රෆ් ගහානි එරට රාජ්‍ය රූපවාහිනිය හරහා හජ්ජි උත්සවය වෙනුවෙන් ජාතිය අමතමින් සිට තිබෙනවා. කාබුල් අගනුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් අත්පත් කර ගත් සටන්කාමීන් එහි සිටයි ප‍්‍රහාර දියත් කර ඇත්තේ. හජ්ජි උත්සවයට සමගාමීව ජනාධිපතිවරයා විසින් සටන් විරාමයක් කි‍්‍රයාත්මක කරනු ලැබ ඇතත් තලෙයිබාන් සංවිධානය එය ප‍්‍රතික්ෂේප කළා.

කාබුල් අගනුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් අත්පත් කර ගත් සටන්කාමීන් එහි සිටයි මෙම ප‍්‍රහාර දියත් කර ඇත්තේ. 
සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයින්. ප‍්‍රතිප‍්‍රහාර හමුවේ ප‍්‍රහාරය සඳහා පැමිණි සටන්කාමීන් සියලූ දෙනාද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේවනවිට ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

ප‍්‍රහාරය සඳහා පැමිණියේ තලෙයිබාන්වරුන්ද, ඉස්ලාම් සටන්කාමීන් ද යන්න මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කර නැහැ.