Thursday, April 25, 2024

General line - 0115112241

සිංගප්පූරු ගිවිසුම නිසා කතානායකටත් චෝදනාවක්

ලහිරු කපුගේ




සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරය පිිලිබඳ ඒකාබද්ධ විපක්ෂය අද (21) චෝදනාවක් එල්ල කළා. ඒ එහි සිංහල පිටපතක් ඉදිරිපත් නොකිරීම සම්බන්යෙන්. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන කියා සිටියේ ව්‍යවස්ථාවේ තිබෙනවා ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තනයක් සහිතව සිංහල සහ දමිල භාෂා දෙකෙන් රජයේ වාර්තා හා ලිපි ලේඛන පවත්වාගෙන යා යුතු අතර නීති පැනවීම කළ යුතුයි. ඒ මුලධර්ම සම්පුර්ණයෙන්ම මේ පනතින් උල්ලංඝණය කර තිබෙනවා. අද වෙනකම් ගිවිසුම ඉංග්‍රීසියෙන් විතරක් ගිවිසුම කෙටුම්පත් කරලා සමස්ත ලංකාවේ අනාගත පරපුර බිල්ලට දීම සම්බන්ධයෙන් කතානායකවරයාත් වගඋත්තරකාරයෙක් වනවා. බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පාර්ලිමේන්තුවේ විවාද කිරීම ආරම්භ කළා. සුමන්දිරන් මන්ත්‍රිවරයා නැගිටලා කතානායකවරයාට කිව්වා බැඳුම්කර කොමිසමේ වාර්තාව දෙමල භාෂාවෙන් නැහැ කියලා. බැඳුම්කර විවාදය වහා නතර කරන්න කියලා. අද වෙනකම් බැඳුම්කර විවාදය නැහැ/

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ මේ දක්වා සිංහල පරිවර්ථනයක් නොමැතිවීම ගැටලූවක් බවයි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.