Friday, April 19, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමතිවරයා සිදුකළ සංවර්ධනය ගැන ඇමති පාඨලී විමසයි

ලහිරු කපුගේ




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ඉකුත් දින කිහිපයේ සිදු කළ ප‍්‍රකාශ පිළිබඳ අද (21) විවිද අදහස් පළ වුණා. 

අමාත්‍ය පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේ විග්නේෂ්වරන් මහතාට උතුරේ මහ ඇමතිවරයා වීමටත් ඒ සදහා යුක්තිසහගත මැතිවරණයක් උතුරේ පවත්වන්නත් ලැබුනේ ආරක්ෂක අංශ කරපු ජිවිත පරිත්‍යාගය නිසා. එතුමා අද ඔය පුටුවේ ඉන්නේ ඒ නිසා. එතුමාට අවුරුදු 05ක් උතුර භාරදුන්නා. ඉතින් ඒ කාලය ඇතුලත මේ පළාත් සභා බලතල පාවිච්චි කරලා එතුමා මේ උතුරට බලගතු සංවර්ධනයක් කරලා තියෙනවානම් එතුමාට ඔය ස්මාරක වැදගත් වෙන්නේ නැහැ එතුමාගේ සංවර්ධන ස්මාරක පෙන්නන්න පුළුවන්. මම අහවල් දේ කළා කියලා ඒ සංවර්ධන ස්මාරක පෙන්නලා කතා කරන්න පුළුවන්. විග්නේශ්වරන් මහතාට කියන්න කියන්න කිසිස්ම සංවර්ධන ස්මාරකයක් නැහැ. ලේසිම දේ තමයි අර අහිංසක දමිල වැසියන්ගේ ලේ කුපිත කරන එක. අපි එතුමන්ගෙන් ඉල්ලනවා ඔය දේශපාලනයෙන් අයින් වෙන්න කියලා. 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර තුෂාර ඉඳුනිිල් ද ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

මේ අතර උතුරේ නාම පුවරු සම්බන්ධයෙන් ද පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මතභේදාත්මක ප‍්‍රකාශයක් සිදු කර තිබුණා. ඒ, එම නාම පුවරුවල පළමුව දෙමළ බසින්ද දෙවනුව ඉංග‍්‍රීසි බසින් හා අවසානයේ සිංහල බසින් ද නම් පළ කළ යුතු බව පවසමින්. උතුරේ නාගදීපයක් නොමැති බවත්, ඇත්තේ නයිනතිව් පමණක් බවත්, ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණා. 

අද දහවල් 12 නෙත් නිවුස් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර කියා සිටියේ ප‍්‍රදේශයේ බහුතර ජනතාවක් කතා කරන භාෂාව අනුව නාම පුවරු සැකසීම සාමාන්‍ය ක‍්‍රමවේදය බවයි.