Thursday, March 28, 2024

General line - 0115112241

ශි‍්‍ර ලංකාවට කබඩි පදක්කම් දෙකම අහිමි වෙයි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේ වැඩි පදක්කම් බලාපොරොත්තුවක් දල්වා සිටි කබඩි ඉසව්ව පිළිබදව ශී‍්‍ර ලංකා තැබූ සියලූ බලාපොරාත්තු අද (21) බිඳ වැටුණා. ඒ ශී‍්‍ර ලංකා පිරිමි කබඩි කණ්ඩායම සහ කාන්තා කණ්ඩායම අද දිනයේ සහභාගි වූ තීරණාත්මක තරග පරාජය වීම හේතුවෙන්. 

පිරිමි කබඩි කණ්ඩායම අද පස්වරුවේ පැවති තරගයකදී බංග්ලාදේශය හමුවේ පරාජය පත් වුණේ ලකුණු 29-25ක් ලෙසයි. පිරිමි කබඩි කණ්ඩායම එ් කාණ්ඩයෙන් තරග වැදුනු අතර ඔවුන්ට හිමි වුණේ එම කාණ්ඩයේ 4 වන ස්ථානයයි. 

එ් කාණ්ඩයෙන් තරග වැදුනු ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායමට එම කාණ්ඩයේ 3 වන ස්ථානය හිමි වුණා. ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායමේ නායිකා මදුෂානි චතුරිකා පාදයේ ආබාධය සහිතව ශී‍්‍රලංකාව පරාජය වූ තායිලන්ත තරගයට එක් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ද මතුව තිබෙනවා. කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම්වරයා ඒ ඇය ආසියානු කී‍්‍රඩා උළෙළට කර ගැනීම පිළිබදව කබඩි බලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමක්ද සිදු කළා.

මේ අතර දුනුවීදීමේ කේවල පිරිම් ඉසව්ව අද පැවැති අතර එහි දී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ සජීව් ද සිල්වාට කී‍්‍රඩකයින් 79 දෙනෙකු අතරින් හිමි වුයේ 64 වැනි ස්ථානයයි.

පැසිපන්දු තරගද අද පැවැති අතර එහිදී ශී‍්‍ර ලංකා පිරිමි පැසිපන්දු කණ්ඩායම චීනය සහ තායිලන්තය හමුවේ පරාජයට පත් වුණා.