Thursday, March 28, 2024

General line - 0115112241

පානදුර පොලීසියේ තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම වැරදීමක් - පොලීසිය කියයි




කොල්ලකෑමක් සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ පොලිස් පරික්ෂකවරයෙක් සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම වැරදීමක් බව පොලිස් මූලස්ථානය පවසනවා. 

අද (21) අලූයම කලූතර ප‍්‍රදේශයේදි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්යය බලකා මූලස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ සිද්ධිමය කරුණු පිළිබඳ වැරදීමකින් බවයි. 

ඒ අනුව ඔවුන් අද පස්වරුවේ කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මුදා හැරුනු බවයි පොලීසිය පැවසුවේ.