Friday, April 26, 2024

General line - 0115112241

"ගොවිසෙත සුපිරි වරම" දැන් වෙළඳපොලේ




2018 වසරේ මේ වනවිට වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් බිහිකළ ගොවිසෙත ලොතරැයිය "ගොවිසෙත සුපිරි වරම" නමින් විශේෂිත ලොතරැයියක් 2018.08.19 වැනි දින ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනී ශර්මිලා පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සමාන්‍යාධිකාරීවරිය ඇතුළු ඉහළ කලමණාකාරීත්වයේ සහභාගීත්වයෙන්  නිකුත් කරනු ලැබුවා.

එදිනම පළමු ටිකට්පත් තොගය වෙළඳපොළට නිකුත් කෙරුණු අතර දිස්ත්‍රික් අළෙවි නියෝජිත පිරිසක්ද ඊට එක්ව සිටියා.

සැප්තැම්බර් 28දා දිනුම් අදිනු ලබන මෙම ලොතරැයියිය සුපුරුදු මුදල් ත්‍යාගවලට අමතරව රුපියල් මිලියනයේ තෑගි 25ක්, රුපියල් ලක්ෂයේ මුදල් ත්‍යාග 60ක්, ටොයොටා යාරිස් මෝටර් රථයක්, ටොයෝටා විගෝ මෝටර් රථයක් සහ කාන්තා යතුරු පැදි තුනක් ලබා දීමට නියමිතය