Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා මුහුදට තර්ජනයක් වන විදෙස් රටවලින් එන අපද්‍රව්‍ය



විදෙස් රටවලින් ශී‍්‍ර ලංකාවේ මුහුදට එක්වන අපද්‍රව්‍ය මෙන්ම ශී‍්‍ර ලාංකිකයින් ජලයට මුදා හරින ඝණ අපද්‍රව්‍යද ඉදිරියේදී රටට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇතැයි නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී ඊයේ (21) අවධාරණය කෙරුණා.

ඉන්දියාවේ සිට ගසා ගෙන ආ සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලිකසල මන්නාරම සහ පුත්තලම යන මුහුදු තීරවලට ගොඩ ගසා තිබුණේ ඉකුත් සතියක කාලයක් තුළයි. මෙම තත්ත්වය වෙරළ තීරයට පමණක් නොව රටටද බලපෑමක් එල්ල කරන බව වැඩසටහනට එක්වූ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් ප‍්‍රකාශ කළා.

ජලයට ඝණ අපද්‍රව්‍ය එක් කිරීම වැළැක්වීමට දැඩි නීති පැනවිය යුතු බවයි මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පැවසුවේ.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලමිටඞ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.