Thursday, March 28, 2024

General line - 0115112241

තරග නීති උල්ලංගණය කිරීමෙන් ශී‍්‍ර ලංකා පිහිනුම් කණ්ඩායම ඉවතට

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




මිටර් 100x04 පිහිනුම් ඉසව්ව පිළිබඳ ශී‍්‍ර ලංකාව තැබූ බලාපොරොත්තු අද (22) බිද වැටුණා. 

ඒ තරග නීති උල්ලංගණය කිරීම හේතුවෙන්. 

මෙම ඉසව්වේ දෙවන මූලික වටයේ තරගයට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක් වුණේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පීරිස්. 

ශී‍්‍ර ලංකාව මෙහිදී 6 වැනි මංතීරුවෙන් තරග වැදුණු අතර මැතිව් අබේසිංහ එහිදී පළමු වටයේදී සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් දෙවැන්නා ලෙස තරගය නිම කළා. 

අනතුරුව සිදු වූ හුවමාරුවේදී මැතිව් අබේසිංහ නියමිත සීමාවට පැමිණිමට පෙර කයිල් අබේසිංහ තරගය ආරම්භ කිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවට මෙම තරගයෙන් ඉවත් විමට සිදුවුණා. 

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සිවුදෙනා තරගය අවසන් කළේ සිවුවැන්නා ලෙසයි. 

මෙම වරද ඉකුත් පොදුරජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළලේදී චෙරන්ත ද සිල්වා අතින් සිදුවීම හේතුවෙන් අවසන් තරගයෙන් ඉවත් වීමට සිදු වුණා. මේ පිළිබද අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා පිහිනුම් පුහුණුකරු පැවසුවේ කී‍්‍රඩකයින් සිවුදෙනා එක්ව පුහුණුවීම් නොකිරීම මීට හේතුව බවයි.