Saturday, April 20, 2024

General line - 0115112241

වෙනිසියුලාවේ ප්‍රභල භුකම්පනයක් (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




වෙනිසියුලාවේ නැගෙනහිර වෙරළ තිරයට ආසන්නයේ ප්‍රභල භුකම්පනයක් සිදුව තිබෙනවා. අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරන්නේ එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් ඒකක 7.3ක් ලෙස සදහන්ව ඇති බවයි.

භුමිකපාවේ ප්‍රබලත්වය කොලොම්බියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කිහිපයකටද දැණුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම භුමිකම්පාවත් සමග වෙනිසියුලාවේ  නිවාස සහ ගොඩනැගිලි වල සිටි ජනයා ඉන් ඉවත්වූ අතර ගොඩනැගිලි සහ වාහන රැසකට අලාභහානි සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලැබූ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය ඔවුන් විසින් මිට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබුවා.

භූමිකම්පාවෙන් සිදුවූ ජිවිත හානි ගැන මෙතෙක් කිසිදු වාර්තාවක් නිකුත් වී නැහැ.

වෙනිසියුලාවේ පවතින ආර්ථික කඩා වැටීමත් සමග මෙවැනි සොභාවික ව්‍යවසනයකට මුහුණ දීමද විශාල ගැටලුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.