Saturday, April 20, 2024

General line - 0115112241

රුසියාවට සහ ඉරානයට සම්බන්ධ ෆේස්බුක් සහ ට්විටර් රැසක් අත්හිටුවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රුසියාවට සහ ඉරානයට සම්බන්ධ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටවූ බව ෆේස්බුක් සමාගම පවසනවා.

විදෙස් වාර්තා පවසන්නේ දෙරටේ කි‍්‍රයා කලාපය සලකා බලා ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මෙම තීරණයට එළඹ ඇති බවයි.

ඒ අනුව රුසියාවට සහ ඉරානයට අයත් තෝරා ගත් ෆේස්බුක් ගිණූම් 650ක් සහ ට්විටර් ගිණුම් 284ක් මෙලෙස අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ෆේස්බුක් සමාගම මෙම තීරණයට එළඹ ඇත්තේ ඉකුත් අමෙරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව සිදු කළ මැදිහත්වීම් පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම සිදු කළ අනාවරණයෙන් අනතුරුව වීම විශේෂත්වයක්.