Saturday, April 20, 2024

General line - 0115112241

වසර 30කට පසු කන්කසන්තුරේ අවතැන් ජනතාවට සිය මුල් ඉඩම් පවරා දෙයි

මාධව කුලසූරිය




වසර 30කට පසු යාපනය කන්කසන්තුරේ ප‍්‍රදේශයේ අවතැන්වූ ජනතාවට සිය මුල් ඉඩම් පවරා දී තිබෙනවා. එලෙස පවරා දී ඇත්තේ කන්කසන්තුරය මධ්‍යම ග‍්‍රාමසේවා වසමට අයත් ජනතාවට අයිති ඉඩම් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් මෙම ඉඩම් පවරා දීම සිදු කෙරුණා.