Tuesday, April 23, 2024

General line - 0115112241

මුම්බායි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ. මහල් 17කින් යුත් ගොඩනැගිල්ලේ දොලොස්වන මහලේ ගින්න හට ගෙන තිබුණා. ගින්න හටගත් අවස්ථාවේ බොහෝ පිරිසක් නිවාස සංකීර්ණය තුළ සිරවී සිට ඇති අතර දොඹකර ආධාරයෙන් ඔවුන් පිටතට ගැනීමට කටයුතු කර තිබෙනවා.