Tuesday, April 16, 2024

General line - 0115112241

හදිසි අනතුරට ලක්වූ ගාල්ලේ පිඹුරාට සැත්කමක් (PHOTOS)

ලලිත් චාමින්ද




තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන් බරපතල ලෙස කැපුම් තුවාල ලැබු පිඹුරකු සැත්කමකට භාජනය කිරිමෙන් පසු මේ වනවිට හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටින බැව් ගාල්ල වනජිවි සංරක්ෂණ සංගමය පවසනවා. පිඹුරා බටපොළ ප්‍රදේශයේ දි තණකොළ කපන යන්ත්‍රයකට හසුවි ඇති අතර පිඹුරාගේ උදරයට ඉහලින් කැපුම් තුවාල තුනක් තිබී තියෙනවා.

පිඹුරාට විනාඩි 45ක පමණ සැත්කමක් පංශු වෛද්‍ය නිලධාරිවරයා විසින් කර තිබෙනවා. මේ පිළිබද අදහස් දක්වමින් වනජිවි සංරක්ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරි සිසිර ජයසිංහ මෙසේ පැවසිය.

මේ වනවිට පිඹුරා සුවය ලබමින් හියාරේ ජලාශය අසල ඇති සත්ව රෝහලේ සිටිනවා. පිඹුරා එක්වතාවක් හැව හැරියා. හම එකතු කරලා තමයි සැත්කම කරලා තියෙන්නේ. දෙතුන් වතාවක් පමණ හැව ඇරියාට පමණ පසු තමයි පිඹුරා මුදා හැරිමට සිදුවන්නේ‍ෙ