Friday, April 19, 2024

General line - 0115112241

පාකිස්තාන නව අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දියාව දෙසට හැරේ

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පාකිස්තාන නව අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දියාව දෙසට සිය මනුෂ්‍යත්වයේ දෑත් දිගු කර තිබෙනවා.

ඒ, කේරළ ප‍්‍රාන්තයේ සිදුවූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව අවශ්‍ය  ඕනෑම මොහොතක කේරළ ප‍්‍රාන්තයේ ජනතාව වෙනුවෙන්  ඕනෑම ආකාරයක මානුෂවාදී ආධාර ලබාදීමට සූදානම් බවයි ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ. 

කේරළ ප‍්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 237 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. ප‍්‍රාන්තයට සිදුවූ අලාභය ඉන්දීය රුපියල් කෝටි 20,000 කට අධිකයි.