Friday, March 29, 2024

General line - 0115112241

මත්පැන් නිසා වැඩිපුරම මිනිස්සු මැරෙන රට




ලොවපුරා රටවල් 195 ක් මේ වනවිට මත්පැන් භාවිත කරන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

1990 වසරේ සිට 2016 වසර දක්වා ලොව පුරා සිදුකළ මෙම සමීක්‍ෂණයට අනුව මත්පැන් හේතුවෙන් වැඩිම ජීවිත සංඛ්‍යාවක් අහිමි වන රට චීනයයි.

එහි වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව හය ලක්‍ෂ පනස්දහස් අටසිය විසිදෙකක්.

වැඩිම කාන්තා මරණ සංඛ්‍යාවක් සිදුවන්නේද චීනයේයි. එම සංඛ්‍යාව 59,064 ක්.

ඉන්දියාව, රුසියාව, බ‍්‍රසීලය සහ අමෙරිකාව යන රටවලද මත්පැන් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන බවයි අනාවරණ වී ඇත්තේ.