Tuesday, April 23, 2024

General line - 0115112241

"ලේන්" හවායි දුපත කළඹයි (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




"ලේන් සුළි කුණාටුව" හේතුවෙන් මේ වන විට හවායි දුපත් වලට ධාරාණිපාත වර්ෂාවන් සහ හදිසි ගංවතුර තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. ඊට අමතරව ඇතැම් ස්ථාන වල නාය යෑම් සිදුවීම්ද වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

ලේන් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට හවායි හි පාසැල්, කාර්යාල සහ වෙළද සැල් පවා වසා දමා ඇති බව සඳහන්.

හවායි දුපත් හි ඇලෝහා ප්‍රාන්තය ආසන්නයේ පවතින සුළි කුණාටුව හේතුවෙන් ඇතිවී තිබෙන සුළං ප්‍රවාහයේ වේගය පැයට කිලෝමීටර් 200 ක වේගයෙන් යුක්ත බවයි කාලගුණ විද්‍යාඥයින් නිවේදනය කරන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හවායි දුපත් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හවායි දුපත් සඳහා හදිසි ප්‍රතිචාර සහ සහනාධාර සැපයීම සඳහා සහන සේවා කණ්ඩායම් සුදානම් කර ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.

කුණාටු තත්ත්වය පහව යාමත් සමග හවායි දුපත් වලට විශාල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇති බව කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ.

මේ අතර හවායි බලා ගමන් කරනු ලබන ගුවන් ගමන් රාශියක් අවලංගු කිරීමට ගුවන් සමාගම් කිහිපයක් තීරණය කර ඇත.