Thursday, April 25, 2024

General line - 0115112241

බඩගින්න දරාගන්න බැරුව 11 හැවිරිදි පුතා මවට ගලකින් පහරදෙයි - මව රෝහලේ - පුතා පොලිසියේ

රංජිත් රාජපක්ෂ - හැටන්




කුසගින්න ඉවසා ගත නොහැකිව තම මවට ගලකින් පහර දි තුවාල සිදු කළ එකොළොස් හැවිරිදි පාසල් සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පැවසුවා.

ඊයේ (24) උදැසන 9 ටපමණ තම නිවසේදි තම වැඩිමහල් පුතා විසින් රොගාතුරව ඇදේ වැතිරි සිටි තමන්ට කුසගින්න ඉවසා ගත නොහැකිව තමන්ට ගලකින් පහරදුන් බව අත්අඩංගුවට ගත් සිසුවාගේ මව බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත. තම සැමියා කොළඹ රැකියාවක නිරත වන බවත්, කම වැඩිමහල් පුතා පාසල් නොගොස් කුලි වැඩ කරමින් තම පවුලේ ජිවිකාව සිදු කරගෙන යන බවයි එම මව විසින් පොලිසියට කර ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

තම සැමියා මාස දෙකකට වතාවක් නිවසට පැමිණෙනන බවත් , සමියා විසින් තම නිවසට ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවිම නිසා තම වැඩිමහල් පුතා ආසල්වාසි ගෙවල් වල කුලි වැඩ කරමින් තම දෛනික අවශ්යා ආහාර පාන සදහා මුදල් සොයාගන්නා බවයි එම මව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ. අද (24) දින සැකකාර පුතා වැඩට නොගොස් ඇති බවත්, තමන්ට බඩගිනි ආහාරයට යම් දෙයක් ලබාදෙන ලෙස මවගෙන් ඉල්ලා සිටි අවස්තාවේ ආහාරයට ගැනිමට කිසි දෙයක් නිවසේ නොමැති බව පැවසිමත් සමග උරනව පුතා එක්වරම ගලකින් මවගේ හිසට පහරදි තුවාල සිදු කර ඇති බවයිබගවනතලාව පොලිසිය පවසන්නේ.

තුවාල ලැබු මව බගවන්තලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර , සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර පුතා අද  දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසුවා.