Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ උතුරු කොරියා ගමන ට්‍රම්ප් නතර කරයි

දිනුක් හේවාවිතාරණ




උතුරු කොරියාවේ සංචාරය කිරිමට නියමිතව සිටි අමෙරිකානු රාජ්‍ය ලේකම්  මයික් පොම්පියො ගේ ගමන නතර කරන ලෙස තමන් උපදෙස් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩ්ව්යක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

උතුරු කොරියාව සිය න්‍යෂ්ටිකහරණ වැඩකටයුතු කෙරෙහි දක්වන ප්‍රමාදය සහ චිනය ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරයක් සිදු නොකිරිම සැලකිල්ලට ගනිමින් ජනපති ට්‍රම්ප් මෙම තිරණය ගෙන ඇති බව සදහන්.

වෙළද ගිවිසුම් බදු සම්බන්ධයෙන් චිනය සහ අමෙරිකාව අතර ඇතිවි තිබෙන මත ගැටුම් හේතුවෙන් චිනය ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බැවින් උතුරු කොරියාවේ න්‍යෂ්ටිකහරණ වැඩපිලිවල සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය ගිලිහි ඇති බවයි ජනපති ට්‍රම්ප් පෙන්වා දෙන්නේ.

චිනය සමග පවතින වෙළද බදු සම්බන්ධයෙන් වන ගැටළු නිරාකරාණය කර ගැනිමෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේක්ම්වරයා යලිත් වරක් උතුරු කොරියාව බලා යනු ඇතිබව ජනපති ට්‍රම්ප් සදහන් කර සිටියා.

එමෙන්ම තමන් හැකි ඉක්මනින් උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් මුන ගැසිමේ බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබුනා.

ජුනි 12 වනදා පැවති සිංගප්පුරු සමුළුවෙන් අනතුරුව උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවල දිගින් දිගටම සිදුකරගෙන යමින් සිටින බවට විවිධ වාර්තා පළවුවා. 

මේ අතර ඉකුත් සතියේදි එක්සත් ජාතින්ගේ න්‍යෂ්ටික ඒජන්සිය සදහන් කර සිටියේ උතුරු කොරියාව මේ දක්වා තම න්‍යෂ්ටික වැඩපිළිවල නතර කර නොමැති බවයි.