Friday, March 29, 2024

General line - 0115112241

හිමිනමකගේ පහර දිමකින් කුඩා සාමනේරනමක් ඝාතනය වෙයි

දිනුක් හේවාවිතාරණ




භික්ෂුවක් විසින් සිදුකල පහරදිමක් හේතුවෙන් 9 හැවිරිදි සාමනේර හිමිනමක් ඝාතනය කර තිබෙනවා.

විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයක් අතර වාරයේදි මියගිය 9 හැවිරිදි සාමනේර හිමිනම කෙලිදොලෙන් සිටිම හේතුවෙන් කෝපයට පත් මෙම 64 හැවිරිදි භික්ෂුව උණ බටයකින් පහරපිට පහරදී පසුව ඔහුගේ හිස කොන්ක්‍රීට් කුළුණක වේගයෙන් වද්දා ඇති බව හෙළිවි ඇත.

තායිලන්තයේ බැංකොක් අගනුවරට බටහිර දෙසින් පිහිටි විහාරස්ථානයක් තුලදී පසුගිය සතියේදී මෙම පහරදිම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

හිසට එල්ලවු දරුණු ප්‍රහාරයත් සමග සිහිමුර්ජාවු සාමනේර හිමිනම රෝහල් ගත කර ඇති අතර කෝමා තත්ත්වයෙන් පසුවු ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා සවස මියගොස් තිබෙනවා.

සාමනේර හිමිනමට පහර දිමේ සිද්ධිය සම්බන්ධයෙන් 64 හැවිරිදි භික්ෂුව පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සිය දරුවා මරා දැමු භික්ෂුවට තමන් කිසිසේත් සමාව නොදෙන බව මියගිය සාමනේර හිමියන්ගේ මව මාධ්‍ය හමුවේ සදහන් කර තිබේනවා.

තායිලන්තයේ බහුතරයක් පිරිමින් සිය අධ්‍යාත්මිකතාවය වර්ධනය කර ගැනිම උදෙසා කෙටි කාලයකට සසුන්ගත විම සම්ප්‍රදායක් වශයෙන් සිදුකරනු ලබනවා.

 

(අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර භික්ෂුව)