Thursday, April 25, 2024

General line - 0115112241

වෙනිසියුලාව පිළිබඳ ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වෙනිසියුලාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, වෙනිසියුලාවද සංක‍්‍රමණික අර්බුධයකට අතවනමින් සිටින බවටයි. 

වෙනිසියුලාව තුළ පවතින ආර්ථික අර්බුධය හමුවේ එරට වැසියන් අසල්වැසි රටවල් කරා පළා යාමට උත්සහ දරමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඒ සම්බන්ධයෙන් වෙනිසියුලාව අවදානයෙන් සිටිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. 

පළාඑන වෙනිසියුලානු වැසියන් සිය රටට ඇතුලූ වීම වැළැක්වීම සඳහා බ‍්‍රසීලය, කොලොම්බියාව සහ ඉක්වදෝරය මේවනවිටත් දැඩි පරිශ‍්‍රමයක් දරමින් සිටින බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණා.