Friday, April 19, 2024

General line - 0115112241

තේ නිෂ්පාදනය අඩුවූ හේතුව හඳුනා ගැනේ

ඩිල්ෂාන් මඩවල




පෙර වසරට සාපේක්ෂව ඉකුත් මාසයේදී ශී‍්‍ර ලංකාවේ තේ නිෂ්පාදනය අඩුවූයේ පැවැති අහිතකර කාලගුණ තත්ත්වයන් නිසා බව තැරැව්කාර සමාගම් පවසනවා. පෙර වසරට සාපේක්ෂව ඉකුත් මාසයේදී ශී‍්‍ර ලංකාවේ තේ නිෂ්පාදනය සියයට 7.3% කින් පමණ අඩුවී ඇති බවයි මීට පෙර වාර්තාවුණේ. අපනයනය කරන ලද තේ ප‍්‍රමාණයද ඉකුත් මාසයේදී අඩුවී තිබෙනවා. 

මෙම වසරේ පළමු මාස 07 තුළ ශී‍්‍ර ලංකාව විසින් අපනයනය කෙරුණූ මුළු තේ ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් මිලියන 162. 7ක්. උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 854ක්.