Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ චෝදනා ගැන විමසිල්ලෙන් - චිනය කියයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියාව පදනම් කර ගනිමින් අමෙරිකාව තමන්ට එල්ල කරන චෝදනා වගකිම් විරහිත ප‍්‍රකාශයන් බවට චීනය චෝදනා කරනවා. චීනය මේ බව පැවසුවේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීම සඳහා චීනය විසින් ප‍්‍රමාණවත් සහයක් නොදක්වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිදු කළ චෝදනාවන්ට ප‍්‍රතිචාර වශයෙනුයි.

සිය රට සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධය හේතුවෙන් චීනය මෙලෙස සිය රටට කිසිඳු සහයක් ලබා නොදෙන බවයි ජනාධිපති ට‍්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ. කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙරදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ උතුරු කොරියාව සමබන්ධයෙන් කටයුතු කිරීමේදී චීනය කදිම සහයක් ලබා දෙමින් සිටින බවයි.

අමෙරිකාව එල්ල කරන මෙම පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව චීනය වැඩිදුරටත් පවසනවා.