Friday, March 29, 2024

General line - 0115112241

හොකී පිරිමි පිල දෙවන ජයත් ලබයි 

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශී‍්‍ර ලංකා පිරිමි හොකී කණ්ඩායම මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ සිය දෙවන ජයග‍්‍රහණය අද (26) වාර්තා කළා.

එ් සත්කාරක ඉන්දුනිසියාව ගෝල 3 ට එකක් ලෙස පරාජය කරමින්.

ශී‍්‍ර ලංකා පිරිමි හොකී කණ්ඩායම මෙවර පිට පිට ලැබු දෙවන ජයග‍්‍රහණයද මෙයයි. මීට පෙර ශී‍්‍ර ලංකා  පිරිමි හොකී කණ්ඩායම හොංකොං කණ්ඩායම පරාජය කළා. පිරිමි හොකී කණ්ඩායම මීළගට තරග වදින්නේ ලෝක ශූර ඉන්දීය හොකී කණ්ඩායමට එරෙහිවයි.

මේ අතර කරාටේ පිරිමි ඉසව්වේ  කිලෝග‍්‍ර‍්‍රෑම් 60 බර පන්තියේ අර්ධ අවසන් වටයේ තරගයට එක් වූ ප‍්‍රසංග වීරකෝන්ට සාර්ථක වීමට හැකියාව ලැබුනේ නැහැ. ඔහු මැලේසියානු කී‍්‍රඩකයෙකු හමුවේ 3 එකක් ලෙස පරාජයට පත්වුණා.  

ශී‍්‍ර ලාංකිකයින්ගේ වැඩි අවධානයක් යොමුව ඇති කාලිංග කුමාරගේ සහභාගි වන පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් තරගය අද පස්වරු 5. 40ට ආරම්භ වනවා. ප‍්‍රසාද් විමලසිරි සහභාගී වන පිරිමි දුර පැනීමේ ඉසව්ව පැවැත්වෙන්නේ අද පස්වරු 5.10ටයි.